Saturday, September 6, 2014

කම්මැලියාගේ පාපොච්චාරණය

එක්විසි අවුරුද්දක්
ගල් බොරළු මාවත් මතින්
වැටි වැටි නැගිටිමින්
ඇවිද ආවත් මං,
මදකට නැවතෙමින්
ආපසු හැරී බැලු කල්
ආ මග කෙටි බැවුත්
යා යුතු මග දුර බැවුත්
දුටුවා සුසුම් හෙළමින්,
තවමත් නැවතී
අන් අය මා පසු කරමින්
ඉදිරියටම යන සැටි
බලාගෙන හිටියත්
මට මහන්සී දැන්,
"බාධක පරයමින්
නොනවතී ඉදිරියට
යන්නට සිතට දිරි ගන්"
කීවත් මා මිතුරන්
නැවත අරඹන්නට ගමන්
මට ශක්තියක් නෑ දැන්,
සමහරෙක් මා පසු කරමින්
සමච්චලයට හිනැහෙමින්
"ආන් දුබලයක්!"
ඇසුනත් එවදන්
නෑසුනා ක් මෙන්
තවමත් එතනමයි මං,
දිගු වැඩි නොවෙද මේ මග?
අවසන කරා යන්නෝ තුටු වෙත්ද?
අවසන යනු ඇරඹුමම බව
ඔවුහු නොදත්ද?
කම්මැලියෙකුව මග නැවතුනු
මම නරුමයෙක්ද?