වේදනාව සිරකර
ඒ විලාපය නෑසෙන පරිදි
අගුළු ලෑවෙමි
චිත්ත ස්කන්ධයට
හද පත්ළේ ඒ වේදනාව
විළි රුදාවෙන් කෑගසන විට
බිහිරෙකු වූවෙමි
එම ශෝකාලාපයට
මිතුරන්ට මැදිවුනද
තනිකම රජයනකල
වටහා ගත්තෙමි
මා තනිවී බව
කියන්නට වෙර දැරුවත්
වැටහෙන කිසිවෙක් නොවූ කල
තනිවම අස්වසා ගත්තෙමි
මගේ දුබල හිත