ඉඩෝරයට වට වැසි පොදක් වන්නට
ඒ වැස්සෙන් පනනළ රකින්නට
ඈ පිට වුනා වැලි කතරට
පිපාසයට දිය සොයන්නට
එහි වූ සුල්තානොත්තම මන්දිරය
ඉදිරිපිට නැවතී ඇය
සෙවුවා පිහිටක්
පපු තුල දුක් ගිනි නිවන්නට
දර දිය ඇදපන්!
බැල මෙහෙවර කරපන්!
සිටුතුමෝ රැකපන්
දිය ඕනෑ නම්
ඈගෙ දරු මතක් වී
ළය ගිනිදැල් ඇවිලී
උණු කඳුළින් දෑත් තෙත් වෙද්දී
ඈ තනිව හැඬුවා, මූසල රෑ ගෙවෙද්දී
වියැකෙනතුරු ඇගේ තුරුනු රුව
රළු වනතුරු මුදු දෑත
දස වසක් ගෙවෙන තුරු
මෙහෙවර ඇය දිය ලැබෙන තුරු
කොට දස වසක් බැලමෙහෙවර,
ලැබුනු දිය පොද රැගෙන
වැලි කතර මැඩගෙන
ඇය ගියා දරු සොයාගෙන
යන විට ඇය ගෙදර
සිටියා ඇගේ පුරුෂ රත්නය
දොරකඩ වෑටීගෙන
කට ගොන්නක් බීගෙන
"කොහෙද මූසලී තෝ ලැගහිටියේ?!"
තෝ මකබෑවුනා කියලයි මං උන්නෙ!
අහවල් එහෙකටද රා කලය ගත්තේ?
පීරී තිබුනු රා ටික ඇයි මේකෙ නැත්තේ?!"
"මගේ කරුමෙටයි තොට මම රැවටුනේ
පවුල රකින්නයි කතරේ දුක් වින්දේ
එහෙවු මට තෝ මෙහෙමද සලකන්නේ?"
රා නෙවේ තොට මම වහ කදුරු දෙන්නේ!"