Friday, June 13, 2014

වැරදුනු තැන

මොකද්ද ළමයෝ මේකේ තේරුම?
ගෙදර එන්නෙ හැමදාම
මහ රෑ ජාමෙට
කෑමක්වත් බීමක්වත් නෑනෙ හරියකට

එහෙම තමයි අම්මේ රස්සා කරනකොට
වැඩ ක්නදරාව ගොඩ ගැහෙනකොට
මහන්සියෙන් තොර දියුණුවක් නැතිකොට
ඉවසමු අම්මේ අපි, යන මග තව දුර කොට

අනේ අපිත් නොකරපු රස්සා
කියයි අම්මා මා නොරුස්සා
දියුණුවේ හිනිපෙත්තට නැග යුතු හන්දා
රස්සාවට යමි හීන හිත රන්දා

කාලයත් ගෙවිලා කාටත් නොදැනීම
ඒත් ඉවර නෑනෙ දිවිල්ල තවම
හැරිලා බලන්නවත් කාලයක් නැති අරුම
හිතාගන්න බෑ මට වැරදිච්ච තැන

No comments:

Post a Comment